FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානය අල්කයිඩා ත්‍රස්තයින්ට හැදුනුම්පත් දුන්බව හෙළිවෙයි.

පාකිස්තාන රජයේ නිලධාරීන් අල්කයිඩ් ත්‍රස්තවාදීන්ට හැදුනුම්පත් ලබාදී ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.

පාකිස්තානයේ ප්‍රධාන ඔත්තුසේවය වන අන්තර් සේවා බුද්ධි ඒජන්සිය මේ පිළිබද තොරතුරු හෙළිකරගෙන තිබෙනවා.

ජාතික හැදුනුම්පත් අල්කයිඩා ත්‍රස්තවාදීන්ට ලබාදීම සදහා අල්ලස් ලබාගෙන ඇති බවට ද තොරතුරු හෙලිව ඇති අතර ඇතැම් නිලධාරීන් ඇමෙරිකා ඩොලර් සියයක් වැනි සුලු අල්ලස් මුදලකට ද මෙසේ හැදුනුම්පත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් පාකිස්තාන ජාතික දත්ත ලියාපදිංචි කිරීමේ අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව විමර්ශන ආරම්භකර තිබෙනවා.