FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාගේ මාරුව අවලංගුයි !!!

අග්‍රමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පතිවරයා නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස නියෝග කර තිබේ
ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා වෙත මෙම නියෝගය නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් ගුරුගේ මහතා එම තනතුරින් ඉවත් කර එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් පසුගිය 30 වැනිදා  විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
එම කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් එම් එස් බී වික්‍රමසිංහ මහතා පත් කිරීමට ද පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.
මෙම පත් කිරීම් සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගෙන නොතිබුණු බව ද පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම පත් කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර තිබේ. එම නියෝගය ක්‍රියාත්මක කරමින් අදාළ ස්ථාන මාරු අවලංගු කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියයි..