FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් රහස් පොලීසියට නියෝග..

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදාට හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අද (02) නියෝග කරනු ලැබීය.
රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාට එරෙහිව 2009 වසරේදී තරුණයන් 11 දෙනකු අතුරුදහන් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අයට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නැයි චෝදනා එල්ල වී ඇත.