FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව 07 වැනිදා කැඳවන බව ජනපති ප්‍රකාශ කලා – කථානායක

පාර්ලිමේන්තුව ලබන 07 වැනි දා කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ යැයි කථානායක කරූ ජයසූරිය මහතා පාර්ලිමේන්තු සංකීරණයේදි මේ වන විට පැවැත්වෙන දේශපාලන පක්ෂ නියෝජිත හමුවේදි ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද (02) දිනයේ හෝ හෙට (03) දිනයේදි නිකුත් කෙරෙනු ඇති බවද පැවසේ.