FAST NEWS

24×7 Around the Globe

ගාමිණි සෙනරත්ගේ නඩුව නොවැම්බර් 07 වනදා සිට විභාගයට…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 07 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (02) තීරණය කර ඇත.
අදාළ නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් කිරීමට සඳහා විභාගය කල් තබන්නැයි විත්ති පාර්ශවයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීරණය ලබාදෙනු ලැබීය.
ලීට්ට්‍රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාමිණී සෙනරත් ඇතුළු අනිකුත් සිව්දෙනාට එරෙහිව චෝදනා එල්ල වෙයි.