FAST NEWS

24×7 Around the Globe

කථානායකවරයා ධූරයෙන් සමු ගැනිමට යයි..!!!

පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය ඇති කර, තමන් කථානායක ධුරයෙන් සමුගන්නා බව, කරු ජයසූරිය මහතා ඊයේ (01) පෙරවරුවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැති ඇමැතිවරුන් හමුවේ ප්‍රකාශ කර තිබේ.
නව අගමැතිවරයාට පහසුකම් හා වරප්‍රසාද ලබාදෙන ලෙස සන්ධාන මැති ඇමැතිවරුන් කථානායකවරයා හමුවේ පැවසූ අවස්ථාවේ කථානායකවරයා මේ බව පවසා ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආරංචි මාර්ග පවසයි.
ධුරයෙන් ඉවත් නොවී, සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට සහයෝගය ලබා දෙන ලෙස එහිදී සන්ධාන මැති ඇමැතිවරුන් කථානායකවරයාට පවසා ඇති බව පැවසේ.