FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල පහල ගිය සැණින් බස් ගාස්තු අඩු කළ නොහැකියි..

ඉන්ධන මිල පහල ගිය සැණින් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නැතැයි බස් සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එසේම බස් ගාස්තු අඩුකරන්නැයි රජයෙන්ද කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවද හෙතෙම පැවසීය.
මෙ අතර සෙසු බස් වෘත්තිය සමිති සමගද සාකච්ඡා කර ගාස්තු සම්බන්ධයෙන් අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.