FAST NEWS

24×7 Around the Globe

අගමැති සමග සැලැස්මක් ඇති කර ගන්නැයි ස්වාමී දෙමළ නායකයින්ට කියයි..

දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි, තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුබ්‍රනියම් ස්වාමි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
දෙපාර්ශ්වය වෙනුවෙන් මැදිහත් කිරීමට අවශ්‍ය නම් තමන් ඒ වෙනුවෙන් සහයෝගය දීමට සූදානම් බවද එහු අවධාරණය කර තිබේ.
ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ මෙසේ ද දැක්වේ.
“දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමඟ ක්‍රියාකාරී සැලැස්මක් ඇති කරගන්නැයි තමන් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාව විශේෂයෙන්ම ආර්.සම්බන්ධන් වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ නායකයන්ට අවධාරණය කරනවා. හිතවත් බේරුම් කිරීම් කිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් මම මගේ උපරිම සහයෝගය දෙනවා”.