FAST NEWS

24×7 Around the Globe

ජාතික ලැයිස්තුව පස්සට යයි : මැතිවරණයෙන් ජයගත් මන්ත්‍රීවරු ගැසට් කරති.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ, ජයග්‍රහණය කළ මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කිරීම සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද දිනයේ යොමුකර බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය. 
මැතිවරණ කොමසාරිස්වරයා එම නිවේදනය නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලයට අද (20)යොමු කෙරෙන බව ද සදහන්.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් පත් කරන නියෝජිතයන්ගේ නම් ඉදිරි දිනකදී ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රජයක් පිහිටුවීම සඳහා වන මූලික ක්‍රියාමාර්ගය ගැනෙනුයේ ජයග්‍රහණය කළ මන්ත්‍රීවරු 196 දෙනාගේත් ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීන් 29 දෙනාගේත් නම් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියවිසින් ගැසට් කිරීමෙන් අනතුරුවය.

නව ඇමැති මණ්ඩලය තෝරාගැනීම සිදුවනුයේද ඉන් අනතුරුවය.