FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව කැඳවිම පිළිබඳව ජනපතිගෙන් නිල තීන්දුවක් තවම නෑ..

පාර්ලිමේන්තුව කැඳවන දිනය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් නිල වශයෙන් තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
පාර්ලිමේන්තුව නොවැම්බර් 05 වැනිදා නැවත කැඳවෙනු ඇති බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (01) පෙරවරුවේ ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා පළවෙමින් තිබෙන පසු බිමක ජනාධිපති ඒකකය මේ බව සඳහන් කරයි.