FAST NEWS

24×7 Around the Globe

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ.එම්. මුත්තු විනයාගම් ඇතුළු සැකකරුවන් දෙදෙනා හෙට (02) දින දක්වා යළිත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
මෙම නඩුව අද (01) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.
ඒ අනුව සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් ද එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ ආපනශාලාව බදු දීම සඳහා රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් එහි සභාපතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.