FAST NEWS

24×7 Around the Globe

උදයංග වීරතුංගව මෙරටට ගෙන්වීමේ නඩුව දෙසැම්බර් 10වනදා එමීර් අධිකරණයේ…

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගව ශ්‍රී ලංකාවට ගෙන්වන ලෙසට ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අධිකරණය ලබා දී ඇත්තේ සංවෘත තීන්දුවක් බව එරට තානාපති කාර්යාලය දැනුම් දී ඇති බව නීතිපතිවරයා ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
උදයංග වීරතුංගව ලංකාවට අවශ්‍ය සැකකරුවෙකු බැවින් මෙම ඉල්ලීම එරට අධිකරණය හමුවේ ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට නියමිත බව ද රජයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම්දෙනු ලැබීය.
අදාළ නඩුව ලබන නොවැම්බර් 23 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කරනු ලැබුවාය.