FAST NEWS

24×7 Around the Globe

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය යථා තත්වයට..

උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඊයේ (31) පස්වරුවේ කොළඹ සිට කුරුණැගල බලා ධාවනය වූ කාර්යාල දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේදී බොහෝ වෙලාවක් නතර කර තැබීමට විරෝධය පල කරමින් දුම්රිය මගීන් දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරතවීමත් සමග ඊයේ(31) රාත්‍රීයේ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වි තිබුණි.
යාපනයේ සිට පැමිණෙන සීඝ්‍රගාමි දුම්රිය ගමන් කරන තුරු අදාළ දුම්රිය නතර කර තැබීම සෑම දිනකම සිදු වන බව විරෝධතාවයේ නිරත මගීන් චෝදනා කර තිබුණි..
විරෝධතාවය නතර කර ගැනීම සඳහා ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණි අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් මෙම ගැටලුවට සති දෙකක් තුළ විසදුම් ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර එ සමග අදාළ ගැටලුව සමථයකට පත්ව තිබේ.