FAST NEWS

24×7 Around the Globe

නව අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ අසුන පනවයි..

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසයි.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ නිලධාරී මණ්ඩලය විසින් අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ඇති බව ද කථානායක මාධ්‍ය ඒකකය කියයි.