FAST NEWS

24×7 Around the Globe

නව ආණ්ඩුවට සහය පළ කරමින් 05 වැනිදා ජනබලය කොළඹට…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 05 වැනිදා ජනබලය රැස්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.
මේ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 05 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ (31) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇති බව වාර්තා වේ.