FAST NEWS

24×7 Around the Globe

පොතුහැර උණුසුම් – දුම්රිය ධාවනයට බාධා..

පොතුහැර දුම්රිය ස්ථානයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවට වාර්තා වේ.
කොළඹ සිට කුරුණෑගල බලා ධාවනය වන දුම්රියක් පොතුහැර දුම්රිය ස්ථානයේ ප්‍රමාද කර ධාවනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මගීන් විසින් විරෝධය පා ඇති අතර මේ වන විට පොතුහැර දුම්රිය ස්ථානය අසල නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් පැවසේ.
මේ හේතුවෙන් උතුරු, මන්නාරම් හා නැගෙනහිර දුම්රිය මාර්ගවල දුම්රිය ධාවන කටයුතුද අඩාල වී තිබෙන බවද වාර්තා වේ.