FAST NEWS

24×7 Around the Globe

රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දිව්රයි.

රනිල් වික්‍රමසිංහ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස හෙට දින (21) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම්දෙන බව එජාප මාධ්‍ය ඒකකයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඉකුත් ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සුළුතර ආණ්ඩුවක අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබිණි.

කෙසේවෙතත් පසුගිය 17 වන දින පැවති මහමැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රීක්කයට තරඟ කළ රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාව ලෙස සටහන් වුණු මනාප 500,566 ක් ලබාගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරන ලදී.

ඒ අනුව ඉදිරියේදී ස්ථාපිතවීමට නියමිත 8 වන පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හෙට දිනයේ දිවුරුම්දෙනු ලබන අතර හෙතෙම අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දෙනු ලබන්නේ ලංකා ඉතිහාසයේ 4 වෙනි වතාවටයි.