FAST NEWS

24×7 Around the Globe

ජනපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරිය හමුවෙයි…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
ලංකාව තුල මේ වන විට පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා නියෝජිතවරිය දැනුවත් කර තිබෙන අතර රජයේ සියලු කටයුතු සිදුකර ඇත්තේ ව්‍යවස්ථානුකූලව බව ජනපතිවරයා අවධාරණය කර ඇත.
රටේ නීතිය සහ සාමය ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ කටයුතු කරමින් සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සෑම අවස්ථාවකම ලබාදෙන සහාය ඇගයීමට ලක්කිරීමට ද ජනපතිවරයා කටයුතු කර ඇත.
ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය මෙහිදී කියාසිටියේ ඉදිරියට ද තම සංවිධානය ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.