FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු සේවකයන්ට ස්ථාන මාරුවීම්…

අග‍මැති කාර්යාලයේ සේවයේ නියුතු සේවකයන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට සේවයේ නියුතු නමුත් සේවයේ ස්ථිර නොවූ සේවකයන් සඳහා සේවයට වාර්තා නොකරන ලෙසට එහි උසස් නිළධාරීන් විසින් දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
අරලියගහ මන්දිරයේ සේවයේ නියුතු විශාල සේවකයන් පිරිසක් මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙන අතර රනිල් වික‍්‍රමසිංහ මහතාගේ රියදුරන් දෙදෙනා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව වෙත මාරුකර යවා ඇති බවද වාර්තා වේ.