FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට…

අපරික්ෂාකාරි රිය ධාවනය ඇතුළු චෝදනා කීපයක් හේතුවෙන් ශ්‍රී ලාංකිකයෙක් ජපානයේ දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කුලී මොටර් රථයක් සොරකම් කිරීම,මාර්ග නීති කඩ කිරිම ,මගීන්ට සහ රථ වහනවලට හනී සිදු කිරීම යන චෝදනා මොහුට එරෙහිව එල්ල වී ඇත.
අදාළ ලාංකිකයා බීමතින් පැමිණ කුලී මොටර් රථයක රියදුරු නොමැති අවස්ථාවකදි එම රථය අනවසරයෙන් රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු පසුපස පොලිස් රථ ලුහු බදින අවස්ථාවේදි මෙම පුද්ගලයා මාර්ග නීති කඩ කරමින් එම රථය ධාවනය කර ඇත.
එම අවස්ථාවේදි මාර්ගයේ ගමන් කළ අනෙකුත් රථ වහනවලට හනී සිදු වී ඇති අතර රිය අනතුරු සිදු විම හේතුවෙන් පුද්ගලයින්ට තුවාල ද සිදු වී ඇත.
වසස අවුරුදු 43 ක් පමණ වන අදාළ සැකකරු ඊයේ (30) දිනයේදී ජපානයේ ෆුකුඔතා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.