FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාගේ කෝටි 17 නඩුව දෙසැම්බර් 13 ට කල් යයි…

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඥාති සොයුරියකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 13 විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.
මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17 කට ආසන්නන වටිනාකමකින් යුත් දේපළ අත්පත් කරගත්තේ යැයි මොවුන්ට එරෙහිව ඇති චෝදනාවයි.‍
අදාළ නඩුව ඊයේ (30) කොළඹ මහාධිකරණයේදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවෙදි මෙම නියෝගය සිදුකරනු ලැබීය.
හෙරොයින් ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් කෝට්ටේ ,දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශ වලින් රුපියල් කෝටි 17 කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.