FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ 02ක් කල් දමයි..

සෞඛ්‍ය අමාත්‍යංශයේදී ලබන මස 03 සහ 04 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හේතුවක් මත නොපැවැත්වෙන බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රවෘත්ති හා ප‍්‍රචාරණ, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ව ඇත.
අදාළ දිනයන් වලදී පැවැත්වීමට නියමිතව තිබූ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 02 සේවා ගණයට අයත් ආහාර නිරීක්ෂිකා, නිවාස භාරකරු හා වෛද්‍ය සැපයීම් සහකාර යන තතතුරුවලට අදාළ සම්මුඛ පරීක්ෂණ නොපැවැත්වෙන බව එම නිවේදනයේ දක්වා ඇත.