FAST NEWS

24×7 Around the Globe

ජනපති සහ කථානායකවරයා අතර අද (31) හමුවක්..

කථානායක කරූ ජයසූරිය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් අද (31) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
කථානායකවරයා සහ පාර්ලිමේන්තු පක්‍ෂ නියෝජිතයන් පිරිසක් සමඟ ඊයේ (30) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී කරන ලද ඉල්ලීමක් සලකා බලා ඒ මහතා මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ මෙහිදී සාකච්ඡා කිරීමටත් නියමිතව ඇත.
මේ වන විට රට තුළ මතුව ඇති අස්ථාවර භාවයට විසඳුම් ලබාදීමට තමන් උපරිමයෙන් මැදිහත් වන බව මෙහිදී කථානායකවරයා පක්ෂ නියෝජිතයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.
ඊයේ පැවති සාකච්ඡාවට සහභාගිවූ නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගම සහ ආචාර්ය විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් ඇතුලු පිරිස නව අගමැතිවරයෙකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව කල් තැබීම නීත්‍යානුකූලව සිදුව ඇති බවට කරුණු දක්වා ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.