FAST NEWS

24×7 Around the Globe

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්භාවයෙන් වැසි වර්ධනයක්..

දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (31) දිනයේ සිට බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම නිවේදනයෙහි සඳහන්.
ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.