FAST NEWS

24×7 Around the Globe

පොලිස්පති නියමයෙන් හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කරයි..

පොලිස්පතිවරයාගේ උපදෙස් මත හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමට පියවර ගෙන ඇත.
හිටපු අමාත්‍යවරයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සඳහා වන ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඇමති ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.
අමාත්‍යවරයෙකු සඳහා ආරක්ෂක නිලධාරීන් 07 දෙනෙකු යොදවා සිටි අතර ඒ අනුව ඊයේ (29) සිට එම සංඛ්‍යාව දෙදෙනා දක්වා අඩුකර තිබේ.
ඒ අනුව ඔවුන්ට අද (30) සිට මන්ත්‍රීවරයෙකුට ලබාදෙන ආරක්ෂාව ලබාදෙන ලෙසට පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.