FAST NEWS

24×7 Around the Globe

අර්ජුන රණතුංගට ඇප..(update)

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ඛනිජ තෙල් සංම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඇප මත මුදාහැර තිබේ.
ඔහු අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැර තිබේ.
++++++++++++{update}

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගැනේ..

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (28) ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ  සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ ඒකකය පවත්වන පරීක්ෂණවලට අදාළව හිටපු අමාත්‍යවරයාව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.