FAST NEWS

24×7 Around the Globe

උදය ගම්මන්පිළගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිළ මහතා අද (20) පෙරවරුවේ කොළඹ රහස් පොලිසියට කැඳවා ඇත.

ගම්මන්පිල සහ තවත් දෙදෙනකු ඕස්ට්‍රේලියා ජාතිකයකු හා එක්ව 2004/2005 දී ආරම්භ කළ බව කියන ‘මෙට්ල් රීසයිකල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්‘ නම් සමාගමෙන් රුපියල් ලක්ෂ 132 මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කරයි.

මෙම ‘මෙට්ල් රීසයිකල් කලම්බු ප්‍රයිවට් ලිමිටඩ්‘ සමාගමෙන් ඕස්ට්‍රේලියා ජාතිකයාට මරණ තර්ජනයක් ඇතැයි පැවසීමෙන් පසුව ඔහු ඇටර්නි බලපත්‍රයක් මගින් සමාගමේ ගනුදෙනු, ගම්මන්පිල මහතාට පවරා ඇතැයි පැවසේ.

කොටස් වංචාව සිදුවී ඇත්තේ එසේ පවරා දීමෙන් පසුව බව මෑතදී ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා ජාතිකයා පොලිසියට පැමිණිලි කර තිබේ.