FAST NEWS

24×7 Around the Globe

රජයේ මාධ්‍ය ආයතන තුනකට ජනපති සභාපතිවරුන් පත් කරයි..

   
ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි වැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නව සභාපති (වැ.බ) ලෙස නීතිඥ  සරත් කෝන්ගහගේ, ස්වාධීන රූපවාහිනී සේවය හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපති (වැ.බ) ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක සහ සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නව සභාපති (වැ.බ) වසන්ත ප්‍රිය රාමනායක යන මහත්වරුන් පත්කර තිබේ.