FAST NEWS

24×7 Around the Globe

හෙට (29) නිවාඩු දිනයක් නොවේ – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

හෙට (29) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවට adaderana.lk නමින් ප්‍රචාරය කර නලද කෙටි පණිවුඩය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, හෙට දිනය සාමාන්‍ය වැඩකරන දිනයක් බව මහජනතාව වෙත මෙයින් දැනුම් දෙන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.