FAST NEWS

24×7 Around the Globe

නව කැබිනට් මණ්ඩලය හෙට (28) දිවුරුම් දෙයි…

නව අග්‍රාමාත්‍යධුරයේ මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමෙන් අනතුරුව නව කැබිනට් මණ්ඩලය හෙට (28) ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දින 21 ක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 16 වැනිදා නැවත රැස්වීමට නියමිතය.
ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කරනු ලැබුවේය.