FAST NEWS

24×7 Around the Globe

වැඩබලන රජයේ ප්‍රවෘත්ති ජනරාල්වරයා ලෙස නාලක කලුවැව මහතා පත් කෙරේ..

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධණ ඉවත් කර වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසට ජනාධිපති අතිරේක ලේකම් නාලක කලුවැව මහතා පත්කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සදහන් වේ.