FAST NEWS

24×7 Around the Globe

නව අග්‍රාමාත්‍ය ලේකම් ධුරයට එස්.අමරසේකර මහතා පත්කරයි…

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස එස්.අමරසේකර මහතා පත්කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 – 01 ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අගමැති ලේකම්වරයා ලෙස ක්‍රියාකළ සමන් ඒකනායක එම තනතුරෙන් ඉවත් කිරීමට තීරණය කරනු ලැබීය.
අදාළ තීරණයට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා නිකුත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කළේය.