FAST NEWS

24×7 Around the Globe

පහළ වායුගෝලය කැළඹෙයි…ප්‍රදේශ රැසකට වැසි

අද (27) දිනයේත් දිවයිනට ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය 24 තුළ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර, උතුරුමැද පළාත්වලට මෙන්ම ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100ත්, 150ත් දක්වා තද වැසි ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.
එමෙන්ම, හම්බන්තොට සිට මඩකලපුව, ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 70ත්, 80ත් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.