FAST NEWS

24×7 Around the Globe

‘අලි රොෂාන්’ ට විශේෂ මහාධිකරණයෙන් ඇප..

බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලි ඇතුන් සිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ‘අලි රොෂාන්’ ඇතුළු විත්තිකරුවන් 07 දෙනා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ මහාධිකරණය අද (26) නියම කළේය.
ඔවුනට රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු සහිත ශරීර ඇපයක් ද නියම කෙරුණ අතර ,ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර සෑම මසකට වරක් රහස් පොලිසියේ පෙනී සිටින ලෙසටද නියම කෙරුණි.
අදාළ නඩුව නොවැම්බර් 08 වැනි දා යළි කැඳවීමට නියෝග කෙරුණි.