FAST NEWS

24×7 Around the Globe

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයකු ඇතුළු 05කගේ වැඩ තහනම්..

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි නිරීක්‍ෂණ කුළුණ මතට නැග විරෝධතාවයක නිරතවීම පිළිබඳ සිද්ධියේදී රාජකාරී පැහැර හැරීමේ චෝදනා මත එහි නියාමන නිළධාරින් 04 කගේ සහ ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇත.
මීට අමතරව තවත් නියාමන නිළධාරීන් 04 දෙනෙකුට ස්ථාන මාරු ලබාදීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණයේදී හෙලිවූ තොරතුරු මත විනය පරීක්‍ෂණයකට යටත්ව මෙම තීරණය ගත්බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි නිරීක්ෂණ කුලුණක් මත නැග විරෝධතාවක නිරතවීමේ සිද්ධියේදී අදාළ නිළධාරීන් තමන්ගේ රාජකාරී පැහැර හැරීමේ චෝදනාව හේතුවෙන් එම නිළධාරින්ට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.