FAST NEWS

24×7 Around the Globe

නැගෙනහිර පළාතේ වැසි වර්ධනයක්..

නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) දිනයේදී අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එහි සඳහන් වෙයි.
මධ්‍යම, සබරගමුව,ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති වන බවත් එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.