FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් කරල් 35ක් ගිලපු පාකිස්තාන ජාතික කාන්තාවක් අල්ලයි…

කටුනායක ගුවන් තොටුපළේදී ඊයේ (25) පස්වරුවේ හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
අදාළ සැකකාරියගේ සිරුරෙන් ග්‍රෑම් 350 ක් පමණ බරැති කරල් 35ක් ඉවත් කර ගනු ලැබූ බව පොලීසිය පවසයි.
වසය අවුරුදු 67 ක් පමණ වන මෙම කාන්තාව තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
අදාළ මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 42 ක් පමණ වන අතර සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත්වරයා විසින් දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය වෙත අවසර ලබාදී ඇත.