FAST NEWS

24×7 Around the Globe

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටිම අනිවාර්ය නෑ !!!

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනිවාර්යෙන් පෙනි සිටිය යුතුයැයි නිකුත් කර තිබු චක්‍රලේඛය අහෝසි කිරිමට තමා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමීන් අද (25) පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ පත්කරනු ලැබූ සමාලෝචන කමිටුවේ නිර්දේශයන් ද සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් හෙතෙම පවසයි.
මෙම කමිටුව අධ්‍යාපනඥයින්, ළමා මනෝවිද්‍යාඥයින්, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු විද්වතුන් පිරිසකගෙන් සමන්විත බවද පැවසේ.