FAST NEWS

24×7 Around the Globe

නේවි සම්පත් ලබන 07 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරයට..

හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත් ලබන මස 07 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට අද (25) ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කරනු ලැබීය.
2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව මොහුව පොලිස් අත්අඩංගුවට පත්විය.