FAST NEWS

24×7 Around the Globe

තමාගේ නිවස ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කළ බවට රවීගෙන් ප්‍රකාශයක්..

පුද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් අවසරය නොමැතිව සිය නිවස ඩ්‍රෝන කැමරාවක් භාවිත කරමීන් වීඩියෝ පටිගත කිරිමක් සිදුකර ඇති බව හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (25) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.
වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමීන් මන්ත්‍රීවරයා මේ පිළිබඳව කථානායකවරයා වෙත අවධාරණය කර සිටියේය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිසීය දැනුවත් කිරිමට කටයුතු කරන බව කථානායක කරූ ජයසුරිය මහතා අද (25) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.