FAST NEWS

24×7 Around the Globe

ගනේමුල්ල – කඩවත මාර්ගයේ පුද්ගලික බස් රථ වර්ජනයක්..

අද (25) පෙරවරුවේ සිට ගනේමුල්ල – කඩවත මාර්ග අංක 123 සියලුම පුද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ඔවුන් විසින් මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ සීමිත නැවතුම් හැර වෙනත් ස්ථානවලදී අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මීගමුව – කඩවත බස් රථවලට මගීන් නංවා ගැනීමට විරෝධය පළ කරමිනුයි.
මෙම වර්ජනය හේතුවෙන් අදාළ බස්රථ වල සේවා සලසා ගන්නා මගී ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.