FAST NEWS

24×7 Around the Globe

ඇමති රිෂාඩ් ඝාතනය කුමන්ත්‍රණය පිළිබඳ විධිමත් පරික්ෂණයක් ඉල්ලයි..

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඝාතනය කිරීමට කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් එම පක්ෂ ක්‍රියාකාරීන් ‍පොලිස්පතිවරයාට ඊයේ (23) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
හිටපු නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකු වූ නාලක සිල්වා, දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස හඳුන්වා ගත් නාමල් කුමාර හා ප්‍රංශයේ පදිංචි බව කියන තුෂාර පීරිස් යන අය විසින් මෙලෙස ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා ඝාතනය කිරීමට සැලැස්මක් කළ බවට හෙළි වී ඇති තොරතුරු පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව එම කොන්ග්‍රසයේ සභාපති ධීවර හා ජල සම්පත් හා ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.එස්.එස්. අමීර් අලි මහතා පැවැසීය. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ‍ලේකම් එස්. සුබයිර්ඩීන්, පක්ෂ නීති උපදේශක රුස්ඩි හබිබ්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එස්. ඉස්මයිල් මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වී ඇත