FAST NEWS

24×7 Around the Globe

දේශීය ආදායම් ‌‌‌සේවකයන් පිරිසක් වර්ජනයකට සැරසෙයි…

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ධුරය සඳහා නුසුදුසු පුද්ගලයෙකු පත් කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බව දේශීය ආදායම් පොදු සේවක සංගමය සදහන් කරයි.
මෙතෙක් කලක් පැවති ක්‍රියා පටිපාටියට පටහැනිව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පත්කිරීමේ සූදානමක මුදල් අමාත්‍යාංශය පසුවන බව ඔවුන් චෝදනා නගයි.
නියමිත ක්‍රියා පටිපාටියට අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම සිදුකිරීමට නියමිත බවත් දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් කිරීමේ බලය පවතින්නේ අමාත්‍ය මණ්ඩලයට බවත් මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් සදහන් කළේය.