FAST NEWS

24×7 Around the Globe

නාමල් – නාලක හඬ පට තහවුරුයි – සී.අයි.ඩී යේදි තමා ඝාතන තැතක් ගැන ඉන්දීය ජාතිකයා කියයි..

රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ සහ දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ දුරකථන සංවාද ඇතුළත් හඬ පට 124 න් 123 ක ඔවුන්ගේ කටහඬ ඇතුළත් බව තහවුරු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
එසේම නාමල් කුමාර විසින් ඇතැම් හඬ පට මකා දමා ඇති බවත් එ සම්බන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකාව තුල තාක්ෂණය නොමැති හෙයින් එවා හොංකොං රාජ්‍ය වෙත යැවිමට කටයුතු කරන බව රජයේ රස පරික්ෂකවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇති බවද අධිකරණයෙදි අනාවරණය විය.
එසේම මෙ තරම් සාක්ෂි තිබයදිත් නාලක ද සිල්වා මහතාව අත්අඩංගුවට නොගන්නේ මන්දැයි නාමල් කුමාර මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ මෛත්‍රී ගුණවත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ප්‍රශ්න කර සිටියේය.
අද (23) දිනයේදිත් නාලක ද සිල්වා මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනිමට නියමීත බවත් එම ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙහිදි ප්‍රකාශ කර සිටියේය.
නාලක ද සිල්වා යනු නිර්දෝෂි පුද්ගලයෙක් බවත් පැමිණිල්ලේ නාමල් කුමාර විසින් කඩහඩ විකෘති කරමීන් ඇතැම් කටහඩ මකා දමමීන් සිය සේවාදායකයාට එරෙහිව පැමිණිල්ල සිදු කර ඇති බව නාලක ද සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ අජිත් පතිරණ මහතා මෙහිදි සඳහන් කළේය.
ජනාධිපතිවරයා, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී තමා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත සිටින ඉන්දීය ජාතිකයා අද විවෘත අධිකරණයේදි ප්‍රකාශ කළ අතර එහිදි ඔහුට එ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණයෙන් නියෝග කළේය.