FAST NEWS

24×7 Around the Globe

මඩකලපු දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කිරිමට දින කිහිපයක් ගත වෙයි..

දුම්රියක් පිලී පැනිමෙන් හානියට පත් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අයහපත් කාලගුණය නඩත්තු කටයුතුවලට බාධා එල්ල විම මීට හේතුව ලෙසත් එම දෙපාර්තුමේන්තුව කියයි.
මේ හේතුවෙන් මඩකලපුව දක්වා ධාවනය කෙරෙන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ(22) අලුයම 3.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතර දී පීලිපැනීමට ලක්විම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදු විය.