FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙටින් අවසන්..

2013 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වුණ මැතිවරණයෙන් පළමු වරට පිහිටවු උතුරු පළාත් සභාවේ ධූර කාලය හෙට (24) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වීමට නියමිතව බව පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
උතුරු පළාත් සභාවේ සභික ධූර 38 ක් පවතින අතර පළමු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් ආසන 30 ක් හිමිවු අතර,එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් ආසන 7 ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් එක් ආසනයක් එහිදි හිමිවිණ.
පළාත් සභාවේ පළමු ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු සි.වි.විග්නේශ්වරන් මහතා පත් විය.
පළාත් සභාවේ ධූර කාලය නිමා වීමෙන් අනතුරුව පළාත් සභාවේ බලය වර්තමාන පළාත් ආණ්ඩුකාර රෙජි‍නෝල්ඩ් කුරේ මහතා වෙනුවෙන් පැවරෙන බවද පළාත් ආණ්ඩුකාර කාර්යාල සඳන් කළේය.