FAST NEWS

24×7 Around the Globe

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ජනපතිට ලිපියක්…

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සමත් කිරීමේ කඩඉම් ලකුණු පහත දමන ලෙසට ඉල්ලමින් ලංකා ගුරු සේවා සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි.
ශිෂ්‍යත්වය සමත් කරන සිසුන් ප්‍රමාණයද 15,000 දක්වා සීමා කර ඇති බව එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සදහන් කරයි.
වර්තමානයේ ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ බොහෝ රටවල් ප්‍රතික්ෂේප කළ අධ්‍යාපන ක්‍රමයක් බවත් උසස් අධ්‍යාපන
අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද පසුගිය දිනක සදහන් කර සිටියේය.