FAST NEWS

24×7 Around the Globe

සවස දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි..

දිවයින අභ්‍යන්තරයේ සවස 2.00න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර පසුව එම වැසි වයඹ, බස්නාහිර සහ දකුණු ප්‍රදේශ කරා පැතිර යා හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (23) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
වයඹ, බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලතැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්.