FAST NEWS

24×7 Around the Globe

අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරිමේ ක්‍රියා මාර්ග ගන්නවා – නව අගවිනිසුරු

අධිකරණයේ ස්වාධීනභාවය හා ජන විශ්වාසය තහවුරු කිරීමට හේතුවන සියලු ක්‍රියාමාර්ග තමන් විසින් ගන්නා බව, නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේ දී අද (22) පැවති පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවයේදි සඳහන් කළේය.
විශේෂයෙන්ම දූෂණයෙන් තොර අධිකරණ පද්ධතියක් මෙරට ඇති කිරීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද නව අගවිනිසුරුවරයා එහිදී කියා සිටියේය.
මෙම පිළිගැනීමේ චාරිත්‍රානුකූල උත්සවය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණය, කොළඹ මහාධිකරණය, කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණය, කොළඹ වාණිජ මහාධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙන්ම කොළඹ දිසා අධිකරණය නියෝජනය කරන සියලුම විනිසුරුවරුන් සහභාගි වී සිටියහ.
මෙම උත්සවය සඳහා ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.