FAST NEWS

24×7 Around the Globe

චානුක රත්වත්තේ ඇතුළු 06 කට අධි චෝදනා භාර දෙයි..

ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරයකින් තොරව එන්ට්‍රස්ට් නැමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චානුක රත්වත්තේ ඇතුලු 06 දෙනෙකුට එරෙහිව අද (22) කොළඹ මහාධිකරණයේදී අධිචෝදනා පත්‍ර භාරදුන්නා.
ඒ අනුව නඩුව ලබන දෙසැම්බර් 11 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.
එන්ට්‍රස්ට් සමාගම පවත්වාගෙන යාම මගින් සමාගම් පණත යටතේ ගැනෙන වැරදි සිදු කර ඇති බව සදහන් කරමිනුයි සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.
චානුක රත්වත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ සොහොයුරෙකි.